ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලක්බිමට අවුරුදු පැතුමක්

ලක්බිමට අවුරුදු පැතුමක්

අනුරුද්ධ වැලිගමගේ - මිසිසාගා - කැනඩාව
2023-January

පින්බිමයි , මේ බිමයි අපට අගනා
වන්දනා කරන අයට ජයම ලැබෙනා
සිත් තනා , මෙත් වඩා පැතුම් පතනා
සාදු දී වදිනෙමි මේ මව්බිම බැතිනා

දවස ගානෙම හත් අට වටයක් යනෙනා
සිරි දළදාවේ සුදු බුදු රැස් බලෙනා
සමන් ගිරෙන් තවත් අළුත් ඉරක් වඩනා
හැටි බලන්න අපි රොක්වෙමු තුටිනා

නමුණුකුල ගිරි හිස අහස් කුසම සිබිනා
සුදු සේල වලා වැනි දියඇලි මවනා
ඒ දියවර රටක්ම සරු කරනා
කෙත් වතු , නෙක තුරු පල බරිනා

රන් වැලි සෑ මළු පිස එන පවනා
රන්වන් බෝපත් සෙලවෙන සරිනා
ගුණ දම් දළු ලා දුකදුර දුරුකරනා
නව වසරේ පතනෙමු ජය බැතිනා