ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

විකිණෙනවලු දැයෙ දියණිය යුගදනවී

විකිණෙනවලු දැයෙ දියණිය යුගදනවී

මහාචාර්ය ලලිතසිරි ගුණරුවන්
2021-December

ගිවිසෙනවලු මහ රැයෙ අඳුරෙහි සැඟවී

විකිණෙනවලු දැයෙ දියණිය යුගදනවී

රැවටෙනවලු එළු රැළ උරුමය නැතිවී

හිරවෙනවලු රට මර උගුළක මැදි වී

ගෙන දෙනවලු බල සවි විදුලිය වැඩි වී

එළි වෙනවලු රට දන අත මිට සරු වී

පටලනවලු තතු – දන වෙත බොරු ලියැවී

ඇටවෙනවලු පුටු, බිඳ ඇති අටු නිමැවී

පිබිදෙනවලු පෙර මිහි දන් විරු සෙනෙවී

උපදිනවලු යළි රට දිනුමට කැප වී

වනසනවලු රුපු කැල යන තුරු පහ වී

දිනවනවලු දැය, සැක නොසිතනු මැනැවී…!