ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

නවසීලන්යෙත් ලන්ඩන් කවි

නවසීලන්යෙත් ලන්ඩන් කවි

රංජිත් ද සිල්වා - නවසීලන්තය
2023-August

ලන්ඩන් කවි ගසේ – අතු පතර විහිදිලා
දළු දමා මල් පිපී – ලොවපුර සැරි සරයි
කවියන් කිවිදියන් – පිබිදෙන්න කලුවරින්
විහිදන්න බැඳී දෙඅත් – බලනු ලොව කවි ඇසින්

නවසීලන්තයෙන් – අලුත් අතු විහිදිලා
මල් ගොමුවේ ගුමු ගුමුව – මී මැසි විහඟ නද
ඇසේවි ළඟදීම – සඳ එළියේ මල් පිපී
රසට කවි ලියන්න – එකතුවෙමු ඔබ අපී

30ජූලි 2023