ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

කැමතියි තියනවට දන්සැල් අවාරේ

කැමතියි තියනවට දන්සැල් අවාරේ

විමල් ඇම්. ගමගේ
2023-August

දන්සැල් වඳින්නට යන්නට සිතුවාට
නෑ එසවෙන්නෙ ඒ පැත්තට මගෙ පාද
පූජා නගර දුර ඈතයි මට බෝම
ඒවට යන්න අත මිට සරු නෑ තාම

දහඩිය හෙලා මිට මෙලවෙන සොච්චමට
කුසින් අඩයි හැකිවන්නේ පුරවන්ට
දන්සැල් වඳින්නට ගියොතින් විනෝදෙට
බඩගිනි නිවී කුස පිරවෙයි සුභාවට

පිනක් නොකර දෙන දානය පිලිගන්ට
සිතක් නැතත් යනවා එය බුදින්නට
අඩක් පිරෙන කුස දිනකට පිරෙව්වට
දොසක් නැතේ මහතුනි පිං නුඹලාට