ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

රයිපලයට තවත් පතුරොමක් ඔබමි

රයිපලයට තවත් පතුරොමක් ඔබමි

ලාල් හෑගොඩ  
2021-January

මාස පෝය දිනක
සඳ මත සිට
පොළොව දෙස
කැක්කුම් ඇසකින් බලමි.

පෙම් කවක් ලිවිය යුතු උන් සැමට
වෘකයන් ද සරණ බිම
පෙම් පතක් යවනු පල වෙද

කැක්කුම් දෙන ළයට
රයිපලය බර නොවේ
කොළයත් පෑනත් තබා
සඳෙන් බැස එමි

මල් පිපෙන බිමකට
වෘක පා සටහන් කුමකට

“කුමක් කළේ  ද ඔබ
දෙවියන් ලොව සාවුන් මැවුයේ
වෘකයන් සමඟින් වසන්නට නොවෙද?
ලොව සුන්දරත්වය එයම නොවේද?”

රයිපලයට තවත් පතුරොමක් ඔබමි

අහඹු සිතිවිලි ම නොවේ… කාව්‍ය සංග්‍රහයෙන් 2018