ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

තවත් කුමකට …. මට ඔබට

තවත් කුමකට …. මට ඔබට

රත්නපාල ගමගේ - ස්විස්ටර්ලන්තය
2023-March

මහ මෙරක බර
හිතට ගෙන
සිඟිති හිස මත
ජීවන බර
උසුලාගෙන
මහමග
අනන්තයට
පියමං කරන
හය හතර
නොතේ⁣රෙන
දරුවන් දැක
එක රැයක් හෝ
අමතක කළහැකි නම්
අපිට එරට
තවත් කුමකට
මට ඔබට