ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

රන්මිණි වන් ඔහු …මා ප්‍රියසබ, වෙනුවෙන් කළ ගීත කාව්‍ය

රන්මිණි වන් ඔහු …මා ප්‍රියසබ, වෙනුවෙන් කළ ගීත කාව්‍ය

වෛද්‍ය ශානිකා ඇන්තනි - ලන්ඩනය
2022-January

රන්මිණි සරු රන් පුන් කලසක්
තේජස උතුරන රුසිරු රුවක්
කරුණා වෑහෙන උතුම් හදක්
පණනල, මා, දිවිහිමි, … වාසනාවක් //

ප්‍රසන්න තුෂර ප්‍රේම ගීතයක්
රස පොදි බැඳි රොන් ආකාරයක්
උණුහුමට වෙලුණු සුමට හාදුවක්
උතුරන ආදරේ… // උල්පතක් …

රන්මිණි සරු රන් පුන් කලසක්…

දැනුමෙන් ලොව දන මන එකලූ
චෙදැසින් මනු හදවත් සැනසූ
මා සිත ගත ආලයෙන් නැහැවූ
උත්තම ප්‍රිය ඔබ මාසතු වූ //

රන්මිණි සරු රන් පුන් කලසක් …

ගීතය මෙතනින්

ගායනය : චමිලා තුෂාරි
සංගීතය : දිනේෂා ඩයස්