ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

මැවුම්කාර දෙවියාට

මැවුම්කාර දෙවියාට

නයනශාන්ති දිසානායක
2023-April

බර ට බර බාර වී
නොවදිනා වැදුම් වැද වැද
පුද පුදා කෙලවරක් නැතිවම
වැද වැටි වැටී ඉල්ලද්දි..
එහෙවු උන් දිහා ඇහැක් ඇර නොබලාම
16-17 පොඩි උන්ට
විසේ විද ගන්න ගිය එව්වන්ට
“එපා මයි” කිය කියා
පෙති කරල් අහුරු බොන උන්ට
මග අහුරලා තිබ්බත්
පිටින් හරි ගෙනිහින් එල්ලලා එන
මොකට තව කියනවද ඒ වග

සිංහල ද ඉංග්‍රීසි
හොදයි කියනා තවත් චිකිත්සා
නියගලා අල උනත් කාවි උන්
ගුණයි කීවොතින් නැකතකට තම්බලා..
එහෙව් කැප වෙච්ච උන් ම මග ඇර
උපන් ගෙයි හැර දාන
අතරමග දමා යන
ගගට මුහුදට විසි කරන
උන් ට නැති දරු පෙම
උන්ගේ මත්තෙම හෙලන
අනේ ඇත්තට..
මොකට ඔය මැවුම්කාරකොම
ඕක දීපන් ළමයෙකුට… !!!!

2023/03/01