ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

සමනලු ගත්තු පැණි ගැන දන්නේ කවුරූ

සමනලු ගත්තු පැණි ගැන දන්නේ කවුරූ

අනුර හෑගොඩ
2022-December

නීල දෑස නිල අඩුවද
දෙතොල් රතට රත මදිවද
රොන් දුන් මල්වල ඉතිරිව
රොන් නැතිවා දෝ

රොන් සුවඳට ඉව අල්ලා බඹර පෙළ
දෙසුවද මුසා බස් ගත සිත සසළ කළ
රස විඳි තරුණ සමනලයින් නොඑන කල
අඩුවේ දෝ ඒ මල වට බඹර කැළ

දුන්නත් වේදනා මී මැසි දළ කුරිරූ
සිතතිය අනුන් ගැන රොන් ගත් විට මහරූ
සිත් බැඳුනත් දැක උන් නෙක නෙක රුසිරූ
සමනලු ගත්තු පැණි ගැන දන්නේ කවුරූ

ගායනය ; ශෂිකා නිසංසලා
සංගීතය ; නවරත්න ගමගේ

(නිකුත් වීමට නියමිතය)