ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

නොරැවටුන මල

නොරැවටුන මල

රොෂාන්ති විජේසිංහ  -  ඉතාලිය
2022-March

සෙනෙහස බිඳුනට
ඉකි ගසා නුඹ හැඩුවට
අහිතක් නොසිතනු මැන
කිසිම දිනයක මං ගැන

තනි වුන මෙහොතෙයි
නුඹේ උණුසුමට ගුලිවී
මත් වූ ඹබරෙකු ලෙස
හැසිරෙන අයුරු දුටු විට

මටත් නොදැනිම
දෙනෙතෙහි කඳුළු බිදුවක්
කොපුලත රූරා විත්
වැටුණා නුඹේ මුව මත

ගැස්සුනෙ දෙනෙත්
දුටුවාම මම නුඹගේ
තේරුම් ගියා හදට
තව එක් ඹබරෙක් බව

මලෙහි සොඳුරු බව
රැකගෙන මිදුණත් ඔබෙන්
ගැහැණිය චපලයි කියා
නොම කියනු කිසි දිනක

පෙරුම් පිරුවාට
අහසක් තරම් උසට
සෙනෙහස ලැබුනට මට
එකට ඉන්න නුඹ සමග

තේරුම් ගිය විට
නුඹ වන ඔබරෙක් බව
මැවූ සිහින මාළිගා
බිද වැටුනි පය පාමුල