ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

මැණික මට ඕනිමයි හැමදාම රස්නේ…

මැණික මට ඕනිමයි හැමදාම රස්නේ…

සෙව්මි ලෝචනා ලියනගේ - රෝමය
2022-November

මග බලා මග බලා හති වැටෙන කල් ම…

පෝයකට එක වරක් හැර හුස්ම රැල්ල…

මිය ගියා මිස කිසිම දිනයක දි වෛර…

කෙරුවා ද? නාපු බොට මගෙ ගෑණු සෛල…

ලං වෙද්දි සදලු තලයට හොරෙන් මැදියම…

සල්ලාල හිත දවයි මතකයෙහි ගිණියම…

තත් සුසර කරන්නට ඇති එක ම පිළියම…

හිතින්වත් ලං වෙයන්,වයන්නම් තනියම…

හුරු සුවඳ තැවරිච්ච උඹ නිදපු කොට්ටේ…

තාම එහෙම ම නිදයි මගෙ පපුව අස්සේ…

මේ අකල් ඉඩෝරය ගෙවුණාට පස්සේ…

මැණික මට ඕනිමයි හැමදාම රස්නේ…