ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

දම්පාට හුස්මක්

දම්පාට හුස්මක්

නිලුපුල් ප්‍රියංකර
2023-November

හවසක
නුඹෙ සුළං හාදුවක
පුපුරා යන හඬ අසම්
සුදු රවුළු කොටයක..

බිඳකට
දම්පාට සොයමි
ක්ෂිතිජය අසල
නිල්, රතු අතර මැද හරියක…

රැයකට
පිනි තැවරි
ව්යළි පත් දෙස බලමි
සේපාලිකාවන්
වඩාගෙන සිටින…

කොට කොට
නුඹ මගෙන් අහනව
මොකෝ කරන්නෙ
පුපුරා පැටව් ඉගිලෙන
මව් හාදු ඉමොජියක…

එතකොට
කෙස්ගසක මතක සොයමි
හිස් අවුළු තැටියක, ඇගෙ
විග් එකක් දාන්න ඉස්සර