ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

මාතා පිතූ උපට්ඨානං

මාතා පිතූ උපට්ඨානං

රත්නපාල ගමගේ - ස්විස්ටර්ලන්තය
2023-May

කෝටු කෑලි එකින් එක
මූවින් ගෙන දුරස් පියඹා
තුරු මුදුන් වල සැදු
වහල නැති නිවෙස්වල
සීතලට නතුවුණු දිනවල
යෝධ තටු අතර සගවා
උණුහුමෙන් තුරුල්කර
පණ නල රැක දුන් මවුනි පියතුමෙනි
කෙඩේරි වී ගිය ඔබේ
යෝධ පියාපත්
නිල් අහස් ගැබ තුළ
පෙර දිනයේ මෙන්
දිගහරින්නට නොහැකිව අසරණව බලා සිටියදී
කුසගින්න නිවාලන්න
අහර මුව රදවා
නිල් අහස ජයගෙන
කැදැල්ලට යළි එමි සොයා
උණුහුමට ඉව අල්ලමින්
බුදුන් දෙසු පරිද්දෙන්
මාතා පිතු පුට්ඨානං
නැමැද සිහිකර සොදිනා