ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

මව දඹදිව වන්දවන්නට නොහැකි වූ පුතෙකුගේ පශ්චාත්තාපය.

මව දඹදිව වන්දවන්නට නොහැකි වූ පුතෙකුගේ පශ්චාත්තාපය.

සුගත් අමරසිංහ - නයිජීරියාව
2021-August

ඔෆිස් එකේ හැමදෙනාම
සතියට සැරයක් දෙවරක්
දඹදිව ගැනමයි කතාව
අම්මලා දඹදිව ගිය හැටි
අම්මලා දඹදිව යවන්න
තාත්තලා එක්කන් යනහැටි
ඒ විස්තර ගැනමයි කතාව

දඹදිව සංචාර ගැනයි
ඒවගේ මිල ගණන් ගැනයි
බුදුන් උපන් දේශය ගැන
මහ ඉහළින්මයි කතාව

මමත් ඉතින් කන්තෝරුවේ
මේ සේරම අහන් ඉඳලා
අතීතයට හිත යවනවා
දෙමව්පියන්ගේත් අපගේ
එහෙම හීන තියන්න ඇති
බුද්ධ ගයා දැක ගන්නට
අපට නොකියා හිතේ කොනක
තද කර ගෙන ඉන්නත් ඇති

දරුවන් හැටියට අපිටත්
ඒ දිනවල අඟහිඟ කම්
අතමිට සරු නෑ හරියට
සැබෑ කරන්නට හීනය
දෙමව්පියන් ගේ පිහිටෙන්
ලොකු තනතුරු හම්බ වෙලා
අතමිට යහමින් සරුවෙලා
උසස් තැනක ඉන්නා විට
අපේ අම්මලා අපිව දාලා
මේ ලෝකෙන් යන්න ගිහින්

කොහොමද අපි අම්මලාව
දඹදිව එක්කන් යන්නේ
ඒ අය ගිය ලෝකේ ඉඳන්
පින් එක් රැස් කරනවා ඇති
බුදුන් වැඩිය තැන් වඳින්න
ඉක්මනින්ම මතු දවසක