ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

මගේ ලොවේ රජ්ජුරුවෝ

මගේ ලොවේ රජ්ජුරුවෝ

ඒ. එම් .අබේසිංහ බණ්ඩා - මහනුවර
2023-December

මගේ ලොවේ රජ්ජුරුවෝ මගෙ අප්පච්චී……………

දෑතට දෑතම දුන්නේ
නැගිටගන්න තුරු දෙපයින්
වගුරා දහඩිය තිස්පැයේ
මගේ ලොවේ රජ්ජුරුවෝ මගෙ අප්පච්චී……

වේල දෙවේලේ නිසිලෙස
අහරක් නොමගෙන හරිහැටි
රස රස දේ මට ගෙනදුන්
මගේ ලොවේ රජ්ජුරුවෝ මගෙ අප්පච්චී…..

නොතෙමා අර පොද වැස්සට
නොතබා අව්වේ ඉන්නට
ඔවා දෙමින් මාව වැඩූ
මගේ ලොවේ රජ්ජුරුවෝ මගෙ අප්පච්චී…….

කවමින් බත් කට කට මට
පොවමින් දිය බිඳ බිඳ ගෙන
කියවාදුන් කතා රසට
මගේ ලොවේ රජ්ජුරුවෝ මගේ අප්පච්චී….

මාපනාවතුර
මහනුවර