ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

සඳ සහ මම

සඳ සහ මම

ෂර්මිලා බංදුනී දංවත්ත
2023-August

සඳට නම් මොකද
වැතිරෙන වා ……
හිතු හිතු තැන
පෝයට…..සිල් මම
කවුළුව වැසුවා ද සිහි නැත

හැපී යයි සවන ත
පංසලේ බණ පද
අපේ….යහනෙ හිස් අඩ
පුරවයි ද ………
සඳ…….. අද

අට සිල්ය මම තව
පංසිළුත්…..රකී දැයි සැක
අසා….. සඳ පාර
යමි ගෙදර……
ඔහුට……තනි ඇත