ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

මගියා සහ භික්ෂුව

මගියා සහ භික්ෂුව

කපිල කුමාර කාලිංග
2023-December

කොතෙක් කල් මෙහි
වැඩවසන්නේ දැයි
විමසූ කල
ඒ භික්ෂුවගෙන්
අතක් දිගු කෙරිණි
වනස්පතියක් දෙසට

“බවුන් වඩන්නට
කමටහන් කිව මැන”
අතක් දිගු කෙරිණි
දොළ වෙත
වන අරණ කෙළවර

පෙරළා යනු රිසිව
මග විමසූ කල
හිස එසැවීය
හිස් අහස වෙත..