ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

මිනිසුන් නොමැරෙති එකවර ම

මිනිසුන් නොමැරෙති එකවර ම

නුවන් තොටවත්ත
2023-January

මිනිසුන් නොමැරෙති එකවර ම – කලිල් ජිබ්‍රාන්
.
.
මිනිසුන් නොමැරෙති එකවර ම
කොටසින් කොටස ම මිස

මිතුරෙකු දුරස් ව ගිය කල
මියයයි කුඩා කොටසක්

හැර දමා යන කල
තමන් සතු වූ ප්‍රේමය
මියයයි තවත් කොටසක්

ආදරෙන් රැකි සිහිනයක්
මිය යන සෑම විට
ඉවත් වී යයි ප්‍රාණය
තවත් එක් කොටසක

පැමිණෙනා විට මරණය
කැටුව යන්නට දිනයක
රැගෙන යන්නට ඇත්තේ
සිරුරක කොටස් පමණය
බොහෝ කල් සිට මියගිය

ඉතින්
කැටුව ඒ සිරුරෙහි
මිය ගිය කොටස් බොහෝ කල් සිට
නික්ම යයි මරණය

.
.

මහා කවි කලිල් ජිබ්‍රාන් විසින් රචිත විවාන් ස්වස්තික සොයුරා විසින් සිංහලට පරිවර්තිත ලියවිල්ලක් පසුගිය දිනක හමුවිය. එහි මුල් නිර්මාණයෙ හි අදහස කවියක් බවට පත් කිරීමට උත්සාහ දැරීමක් ලෙස කරන ලද අනුවර්තනයකි.