ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

බොල් අස්වනු

බොල් අස්වනු

විදර්ශා පතිරත්න - කොබෙයිගනේ
2023-August

Mobile: 0742699733

Message Body:
මල්බරව පූදින්න නුඹ දුන්න හීනයේ
යල් පනින වගක්වත් දැනුනෙ නෑ ආලයේ
කල් බලා ඉඟිමැරුව මුළා කළ තාලයේ
බොල් ම අස්වනු පමණි මං වපුළ බීජයේ

කළුවරට එළිය දී අහස වෙත වැඩියාට
පුරවන්න බැරි තරම්,හඳෙත් ඇති ආවාට
කොයි තරම් හැඩ වුනත් තවරගෙන කහ පාට
ළඟට නෑ ලස්සනක් දුරින් අපි නිවුනාට

නිය තුඩින් පහුරු ගා පෙති එකින් එක සිඳපු
මග අරින රටාවට හිත බිඳෙන් බිඳ මරපු
ලෝකයට වහන් වී නම්බු නාමය රැකපු
අදත් මං පුරනවා සිල් පදේ නුඹ බිඳපු

ආදරේ පවරන්න නළල් තිලකය තියා
ඇහිපියන් ඇහිරුවා තදින් නෙත් යුග පියා
පපුව මැද හාරගෙන අයිතියක් නොම කියා
එදත් තේවානිලා හිටිය මුනිවත අයා