ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

මිහින්තලා කදු මුදුනින්

මිහින්තලා කදු මුදුනින්

සමන්මලී සේනානායක ගී පද රචිකා - ලන්ඩන්
2021-August

මිහින්තලා කඳු මුදුනින් සදහම් ගඟ ගලනවා
පොසොන් සරා සඳ එළියෙන් අනු බුදු හිමි වඩිනවා
මුවන් හඹා දුවපු රජුන් පන්ච ශීල රකිනවා
එවන් රටක් අදටත් අපි සිහිනෙන්වත් පතනවා

ප්‍රාන ඝාත මුසාවාද බුදු වදනින් සිදෙනවා
තුනුරුවන්ගේ ගුණ මහිමෙන් සැම සිත් සත නිවෙනවා
අඹ වනයේ ඵල දරලා සුවද දසත හමනවා
එවන් රටක් නැවතත් අපි සිහිනෙන්වත් පතනවා

ගුණ සුවඳින් පිරුණු බිමේ මහ රහතුන් වඩිනවා
සිසිල් සුළන් පවන් සලා සදහම් ගුණ බෙදනවා
බන මඩුවල සාදු නාද නිරතුරුවම ඇසෙනවා
එතුම් රටක් නැවතත් අපි සිහිනෙන්වත් පතනවා