ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

වර්ජිත ගුරුවරයෙකුගේ කවිය

වර්ජිත ගුරුවරයෙකුගේ කවිය

ගාමිණී සුමනසේකර
2021-August

ආ‌ලවඩන බස් කීවත් අවිචාරේ
රාලලාට පො‌දු ජන දුක නොම තේරේ
බාල ළමාවරු ගෙන යන හරි පාරේ
කාලකන්නි ගුරුවරු අද මහ පාරේ

දුස් පිලිවෙතින් දෙස බස රැස නසන්ටද
ඇ‌ස් දෙක වසා ගෙන නො‌බලා සිටින්ටද
යුක්තිය දහම වැලලෙන්නට හරින්ටද
සිප්කිරි දුන්නෙ මේ වගෙ අමනයන්ටද

දෙසට බසට ආ‌දරයෙන් සැලකීම
රටට ඇ‌වැසි හො‌ඳ දරුවන් සැකසීම
අපට තිබෙන පො‌දු ජාතික වගකීම
හිතට දුකයි මේ විදිහට සැලකීම

ඉසිවරු ලෙසින් සමහරු වැදි බණ දෙසති
මැතිවරු උඩඟු වී අහසේ සැරි සරති
ගරු සරුකමක් මුන් ළග ගෑවිලත් නැති
රජවරු උනත් ගුරුවරු ළඟ හිස නමති

කිවිපති අප්පුහාමි