ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

සසළ – නිසසළ

සසළ – නිසසළ

නීතිඥ කල්‍යාණප්‍රිය ජයසුරිය - කොළඹ
2021-March

සියළු දේ චංචලය
නුඹ නිතර කීවෙහිය
පොඩි කමට වරෙක මට
ගුරුහරුකම් ද දී
මව වුවද ඒ මොහොතෙ
නැති වුණිය මට වචන
මම නිරුත්තර වුනේ
නුඹේ වචනේ පිළිගන්ට

පෙහෙණි වී ඇත සොඳින්
මහිමයෙන් බුදු දහමෙ
නොකීවට නොපෙණුනට
දන්නවා අප හොඳින්
පුංචි සංධියේ ඉඳන්
පුරුදු වූ ඇබෑසිය

ඒ වුනත්,
සිප් සොයා එතෙර ගොස්
තනිව වුව එඩිතරව
සිටින නුඹේ පුංචි හිත
සසළ වුනෙ නැහැ නේද
මිහිකතම සෙලවෙද්දි
නුඹ ඉන්න ඔය රටේ
ඔය දේසේ ඔය පැත්තෙ