ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

පෙම්වත් කුහුඹුවන් දුටිමි

පෙම්වත් කුහුඹුවන් දුටිමි

ලාල් හෑගොඩ
2021-May

රැය මැදියම තෙක් උන්
මල් කෙමියක සිරවී සිටි අතරේ
කිටි කිටියේ

නිවෙමින් නැවත දැල්වෙන
මන්දාකිණියෙන් විසිරුණු බිඳු වාගේ
සේනාවක්ය ආවේ එක් වර
සිඟිති පහන් දල්වාගෙන
මේ සේනා දුටු උන්
තුරු තුරුළින්  ලිහී ගියේ

සෙවනැලි වැස්සක් මැද පසළොස්වක
සේපාලිකා සුවදක් යටටයි වැටුනේ

ඹබරුන් සමනලු‍න් නොදකින නොබලන
සුදු මලකට
කුහුඹුවන්ද ආසක්ත වන හැටි
ඒ වැටීමෙන් ය දුටුවේ
උන් තවමත් මල් කෙමියේ සයනේ