ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

රම්‍ය සඳ ඔබයි…….

රම්‍ය සඳ ඔබයි…….

රංජිත් ද සිල්වා - නවසීලන්තය
2023-December

ගලන ගඟක සුදු මුදු පෙන මතු කෙරුනී
හදවිල කැළඹි පෙම් ජල රේඛා මැවුනී
රුක් අත්තන මලට බඹරුන් එනු පෙණුනි
ලය මඩලේ රන් දෙවොලක් යලි තැනුනී

අදටත් පවන හමමින් මන දිරි බන්දා
අවියක් වගේ සවියකි ඔබෙ හඬ නන්දා
ආරාධනා ස්වර දැහැනේ අපි රන්දා
අරලිය ලන්ද සතුටින් සඳ රැස් වින්දා

කඩමන්ඩියේ දොල අයිනේ රිදී හඬයි
කලා වැවේ දිය දෝතේ සිසිල ඔබයි
සරුංගලේ හැඩ කෙරුවේ ඔබේ හඬයි
ගී අඹරේ නොබසින සඳ රැජින ඔබයි

11නොවැම්බර් 2023