ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

පුරඟන

පුරඟන

ආචාර්ය පාලිත ගනේවත්ත - ඔස්ට්‍රේලියාව
2021-November

ගොම්මන් සළුව පොරවන
පියමං කරන ගෙන් බැස
අරුණළු සළුව ලිහමින
නිදිබර ඇසින් ගෙටඑන
කකියන නයන පුරඟන
දහසක් හැඟුම් ලියවුණ

කොකුමඟර නොම තැවරුණ
පිරුණු ලැම සිත කළඹන
ලැම පතුළ හද නොදකින
සලෙලු දන මන පොබයන

දරු හිමි උරුම උණුසුම
කාසිය වෙතට පුදලන
කිරි නැති මවක සෙනෙහස
නොදරුන් වෙතින් සඟවන
නොතකන ලොවේ අවමන
හද ගිණි දැවෙන පුරඟන