නමින් ගැහැණිය වන්නිි…
සඳ එලියවත් නොඑන
රුදිරු රළු කළුවරට
පහණක්ව හෙමින් එබෙන්නිි
විඩාබර ජිිවිතේ – ගත් සිත්හි වෙිදනා
හසරැලින් නිවා සතපවන්නී
සෙනෙහසේ පාට ගෑ – නුරා රැඳි සරාගිි
නෙතු දැලේ දැවටෙමින්
සළෙල සිත් දැල පුරා
නොදැනීම රහසේම එතෙන්නී
මිහිරි රස නේක ඵල
නෙලාවුත් සතපවා
හලාහල විශ සතුටු කරන්නී
ආත්මය සොරාගෙන පැන දුවන මුවන් දැක
අසම්මත ගැබ් බරින් හඩන්නී
අසෝබන මුසා බස්
කැකෑරෙන හදවතින්
කදුළු වැල් තුල දොවා හරින්නී
සුජාතක පිරුවටින්
මුවාකල දොරකඩින්
විදී බැස ලොවට පියමනින්නී
එදා තුර මෙදා තුර
සදාකල් නොවෙනස්ව
නමින් “ගැහැණිය”ම වන්නිි
22-12-2020