පාවෙන ජීවිත
පරාල පුරවා කෙන්ද හොයා යන
වගතුවක් නැතී ජීවිත ඇතේ
ඔහෙ පාවෙනවා රුවල බිදී ගියද
පහන් කනු ලග රුපියලට සුවේ….
දෑස් වසාගෙන අඳ නාටක මවාගෙන
උන්නත් මරනය දැක වගේ
ලෙව කකා ඉගියක මවාගෙන
ලිහා දමයි සලු තියෙද්දිම ගතේ…..
දිරා යති දුමක් නගලා
දහ අටේ කෑලී හතර කොනේ..
වතු පරාදයි උයන් පුරවා
මල් වතුද ඇත සිය ගතේ….
අරුම ලෝකේ ගෙවාලයි
නරුම ජීවිත අපේ….
දකින්න බෑ…සිතන්න නෑ…
ඩිජිටල් තිරේ රුව අඩුවක් නෑ…
ලේ පොදක් නෑ…හිනාවක් නෑ..
ඒත් බලපන්…මුහුනු පොතේ
උතුරායයි…..ආදරේ අඩුවක් නෑ….