ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

මෙතැනින් නවතිනු බෑ:

මෙතැනින් නවතිනු බෑ:

සපුමල් බන්ඩාර - ලන්ඩනය
2023-January

මුහුනින් මුවග බලා
කී ඒ මිහිරි කතා
දිවියේ සසරපුරා
නොමැකේ සරණතුරා

ඇසිපිය සැලේ රගයි
තොල්පෙති පෙරලා සලමින්
මාහද සැලේ අසයි
මෙතැනින් නවතිනු බෑ

ඔබමොබ සැලේ පෙනෙයි
විල්තෙර කලඹා තිසරුන්
මාහද සැලේ අසයි
මෙතැනින් නවතිනු බෑ