ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

පරව ගිය සිහින කුමටද …?

පරව ගිය සිහින කුමටද …?

WGD තාරක
2023-October

අඳුර සමග නුඹ ආවද පරවුන සිත් සනසවන්න
අරුණ රැගෙන නුඹ යනවද නොපිපි කැකුළ පුබුදුවන්න
සාංකාව පිරි නෙත් යුග වත්සුනු යට සගවන්නට
කොමල සිනාවන් මැව්වද නොතෙමුනු හද තෙමාලන්න

අඳුරු පාලු වීදි පුරා – අනඟ බඹරු සරන රැයක
පෙරුම් පුරා ආ ගමනක – බෝසත්වරු සොයනවාද
දෝරෙ ගලා යන සෙනෙහස – සඟවනු කෙලෙසක ලය මත
ලැම තාලෙට නැලවිලි ගී – ලොවට හොරෙන් ගයනවාද

මලක් විය නුඹත් තුරු මත – සුවඳ දී පිපී හිනැහුන
බිඟුන් නොව බඹරුන්ට – පහස වී තැලී විසිරුණ
මතකයේ කදුළු බිඳු පෙති තලන හැම රැයක
කියා දෙනු හැකිද මේ ලෙස – පරව ගිය සිහින කුමටද …?