ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

පරෝපකාරය…!

පරෝපකාරය…!

දක්ෂිණී සාවිත්‍රි ප්‍රනාන්දු ද සිල්වා - දෙහිවල
2023-September

එකිනෙකාට උදව් කෙරුම
මාහැඟි ගුණයක්…
වැකියෙන් පමණක් කරතොත් එයනම් විණයක්…
නොකියම සවි දෙන උදවිය
අපහට ධනයක්…
විකිණෙන ලොවෙ සමහරු අද වන්නෙම ඇණයක්…

‘පරෝපකාරය’ යනුවෙන් දහමෙදි කියවේ…
නනාප්‍රකාරය මිනිසුන්, විවිධම අයවේ…
මනෝවිකාරය ඇති කල ගුණදම් දියවේ…
ප්‍රතිඋපකාරය නොතකයි රටෙහැටි
මෙයවේ…

ගහ යට දෙදෙනෙකි පෙනෙනා, තම දිවි මරණා…
දහයට ගණනය බැරි කල නැත
අන් සරණා…
සහයට ආ මිතුරාගේ ගෙල
සිර කරනා…
නහයට නාහන නරුමෙකි මේ
තැත දරණා…

හොඳ දේකට උදව් කෙරුම වූවත් යහපත්…
මඳකට වත් නොසිතිය යුතු සියපණ නැහුමත්…
සිඳගත් කල දිවි ඒ අකුසලයම
බලවත්…
විඳවන්නට ප්‍රේතාත්ම වෙයි ලැබ
ගැනුමත්…

නිවනින් සැනසුම ලබන්න
ඇවසිම වනදේ…
නුවණින් බල, “ක්ෂණ සම්පත”, නොලැබී යන,දේ…
මරණින් පසු ගොඩඒමක් නැත,
දුක ගෙනදේ…
සරණින් තුන්, පතනෙමි නොවනට
හද දන දේ…