ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

මගෙ රන්කඳ දිස්නෙ දේවි කැටපත් පවුරේ

මගෙ රන්කඳ දිස්නෙ දේවි කැටපත් පවුරේ

ප්‍රීති රන්දෙනිය
2021-August

සීගිරි ගිරි සීගිරි ගිරි සීගිරි ළඳුනේ
පුන් පියයුරු පුන් පියයුරු කැටයම මත්තේ
හද ගින්දර හද ගින්දර කාට පෙනෙන්නේ
මං ආදර පෙම්මාදර හිත ගිනි ගන්නේ

සීගිරි රජ සීගිරි රජ සිහගිරි මුදුනේ
රන් අබරණ රන් සලු ඇඳ රන් හිරු විලසේ
නුඹ දුටු සඳ නුඹ සකිසද මැකුනත් මතකේ
මගෙ රන් කඳ දිස්නෙ දේවි කැටපත් පවුරේ

මා නෙලු මල මා නෙලු මල රජ පුබුදාදෝ
මුකුලිත කර මුකුලිත කර ඈ මියයාදෝ
තවත් කුමට තවත් කුමට කලපව් මදිදෝ
මගේ නෙළුම මට යහතින් දේද නිරින්දෝ

මරා පියත් මරා තැවුණු කසුන් නිරින්දෝ
හඩා හඩා බියෙන් ම දෝ සැඟවුණෙ පවුරේ
බමන මතින් සිහිවිකලව සිරි යහනාවේ
අහෝ කුමට සුසිරි ළදුන් සිතුවම් සෑහේ