ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

නොදුටු සීගිරි ලාලනිය

නොදුටු සීගිරි ලාලනිය

සුමනසීල ද සිල්වා - එංගලන්තය
2023-July

නිල් කට්රොල් මල් ගෙනැ
සුමුඳු දිගුඅඟිලි තුල රැවා
නීලපීත වලාගැබෙහි හිඳ
වඩින්නේ ලාලනියේ කොයිබදෝ
ඇදිනෙමි ඔබේ රැව
ලෙනෙහි සීගිරි
සදානාලිකවම එහි රැදෙන්නට
මා හැරා ඔබ නොයන්නට
කලෙමි සිතුවම දිවා රෑ.

බලාසිටිම් කදුපාමුල
ඔබ එන මග දිහාහිඳ
නෙරිය හැඩකර
මනරඟ නෙත් සලා
අඳිනෙමි සිතුවම
සීගිරි ලියන් පරදන

දෑතෙහි ඇත සුමට තෙලිතුඩ
රැව ඇඳ ඔබේ හැඩ බලන්නට
නැතේ මට මගේ ඇස්
අන්ධවී ඇත මටද හොරා.