ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

අරුත කිම නිදහස ?

අරුත කිම නිදහස ?

මහාචාර්ය ටී. එල්. ගුණරුවන්
2022-March

අරුත කිම නිදහස ?

අපෙ කමට උදහස

පර දෙසුට මඳහස

හිඟමනට අදහස

මෙ ද, අපට නිදහස ?

තිබෙන’මුදු ජව පස

වරන කල පල රස

බුදින දෙය පිට දෙස

කුමන දැයෙ නිදහස ?

කොළොම්තොට යත වෙස

යුගදනවි ගෙන බදු පැස

තෙල් ගුදම දෙත ඉස

එ ද නිදහසෙහි උස ?

ලගිත රුපු සිවු දෙස

බුදිත දැයෙ ලෙය-මස

මකත දිවි හෙළ බස

අරුත කිම නිදහස ?

පැරැදි බව නොරහස

එළැඹිය ද තෙසහස

නොවෙද එය උපහස,

විරුට හෙළ අපහස ?

වඩමු දැය සෙනෙහස

මඬිමු රුපු සුවහස

දකිමු දන ජය හස

දිනමු සෙට නිදහස !