ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

කෙටි කවි හතරක්

කෙටි කවි හතරක්

කපිල කුමාර කාලිංග
2022-August

1) ඇහිඳ ගතිමි
කවක්
පදිකවේදිකාවෙන්
මිලක් ඉල්ලයි
එයත්.

2) සායම් හැළුණු
කඩදාසියෙන්
අඟනක් එබෙයි
මා දෙස.

3) කතක් දෙස රුවැති
බලා සිටී සිත්තරෙක්
තැබීය අත්සනක්
ඈ බඳ මත
පුරුද්දට .

4) සුදුම සුදු
කමිසයක
කළුම කළු
පදක්කම්

2022/07/05.