ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

නුඹ එක්ක උන් මොහොතක

නුඹ එක්ක උන් මොහොතක

ඩිනුක්ෂි ශලින්දි - පාදුක්ක
2021-November

හැරී බැලුවෙමි මදක්.
නුඹ එක්ක,
උන්නු වරු වලට.
කතා කල,
හිනැහුන,
වරු ඇත බොහෝම.
දුකක් නැත,
සතුටක් මිස.
ඉදින් වැටහුනි,
නුඹ ඇති තැන සතුටක්ම බව.
පුදුමය,
නුඹ එක්ක හිටි මොහොතක
විරහව,
මට අමතකවම
ගිය විදිය