ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

විරසකය…….

විරසකය…….

ෂර්මිලා බංදුනී දංවත්ත
2024-February

තුරු වදුළු යට
පුංචි ඉඩ කඩක
හඳ පලුව සැඟවිලා
වෙන්න ඇති දුකට

සිළි සිළියෙ නද දිදී
හඬයි රෑ අහස
මලානික තරු උනත්
හදයි සැඟවෙන්න

ගං දෑල පිස හමන
හීන් හීතල සුළඟ
හීන් හී ගතු සදයි
දුරින් ඉනු හැකි ද

බත් හැලිය ඉදෙනකම්
විරසකව හිඳුම
වාවන්නෙ නෑ තවත්
නොදොඩාම ඉඳුම

රෑ තවම තරුණයි
සැරයි මේ රිදුම
එක වහල යට ඉඳන්
අමනාප කුමට

Photo; Manuel Meurisse