ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ඉගිලිලා ගිය දාට

ඉගිලිලා ගිය දාට

ගුණසේකර හිරිපිටිය - හෝමාගම
2021-February

පැටුන්ගෙ තටු වැඩී – ඉගිලිලා ගිය දාට
උරුමයකි වියපත් ව – ගිය දෙමාපියනට
ජීවිතය පුරාවට ලැබූ සම්පත් අපේ
ජීවිතය පුරාවට අප ලැබූ නිධානය!
ජීවිතය පුරාවට ලද වස්තු සමබරය
අද ඉතිරි ව ඇත්තෙ – සොදුරු මතකය පමණි!!
අයාලේ වැනි වැනී – දෙපා අත් සවි නැති ව
දෑත් එක්කොට හිදිමි – මනඃකල්පිත සිහින
සැබෑ වෙන දිනය අද – හෙට එතැයි සිතමින
හැබැහින් ම දකින්නට – ඒ සොදුරු මතක වැල!!!