ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

නිකිණි පෝයදා….

නිකිණි පෝයදා….

ඒ. එම් .අබේසිංහ බණ්ඩා - මහනුවර
2022-August

සමයක් නිසා වැසි වැඩි මතු තුන්මාසේ
රුක්මුල් අසල ඇතිවන සීතල දැඩිසේ
අපහසු නිසා කරනට බණදම් රිසිසේ
එකතැන විසීමට දුන්නා බුදු උපදේසේ

පෙරවස් වසන්නට තිබුණත් පෝයට ඇසළ
මගහැරුනොතින් සඟුන්හට ලැබුමට සීල
පසුවස් වසන්නට පොහොදින විසුල
නිකිණි පෝයදා සිදුවෙයි විලසින් පතළ

ලලාට ධාතුව අපේ ගෞතම බුදුහිමිගේ
තැන්පත් කරවන්න මත්තෙහි ලක්මවගේ
ඉදිකරවන්න සේරුවාවිල වෙහෙර අගේ
වැඩ ඇරඹුනේ නිකිණි පොහොදා ඈත යුගේ

දෙසුදම් සයුර අපෙ සම්මා සම්බුදු හිමි
මතකයෙ තබාගත් මැනවින් නැතුව නිමි
ලැබුවේ රහත්භාවය බිඳ සසර බැමි
නිකිණි පෝයදා මහ ආනන්ද හිමි

ගෞතම බුදුන්ගේ මහ පරිනිර්වාණෙන්
තෙමසක් ගෙවුණුදා මහ කසුප් තෙරුන්
මුල්තැන අරන් අජාසත් රජු අනුබලෙන්
නිකිණි පෝයදා කළේ සංඝායනේ මුලින්

සම්බුදු සමිඳු වැඩ සිටියදි දෙව්රම් වෙහෙර
එළඹුණු වස් සමයෙ එකුන් පසලොස් වසර
අසා බුදුන්ගෙන් රාහුල හිමි රාහුල සුතුර
ලැබුවේ රහත්භාවය පොහොදා නිකිණි පුර

දළදා සමිඳුහට පුදමින් බොදු බැති උපහාර
කරනා උතුම් පෙරහැර මංගල්ලේ මෙම වර
සෙංකඩගල වීදි සරන අවසන් රන්දෝලි පෙරහැර
අදයි දිනේ පුන් පොහොදා උතුම් නිකිණි පුර