ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

නැගිටපන් කුවේණි

නැගිටපන් කුවේණි

සෙව්මි ලෝචනා ලියනගේ - රෝමය
2022-September

සකල සිරි බර උතුම් මගේ ලක් මියේණි…
දුටුවා ද? නියමුවන් ගේ කාම අහේනි…
කොතෙක් ඉරි තැලුණා ද? ඔය ලපටි සුයෝනි…
නැගිටපන් නැගිටපන් නැගිටපන් කුවේණි…

රස පසට ලැම වනට හැඩට ඝණ තිව්වා…
මුතු බිඳක් ලෙස රුවට හිරු දෙවිඳු මැව්වා…
ඇගෙ දෙපා මැද හිවල් රජ ඔටුනු දිව්වා…
බඩ කෙරුව පහු ඇයට “ලක් මෑණි” කිව්වා…

ධර්මාධිකරණයට අවනඩුව කියාපන්…
කැඩුණු කන්‍යා පටල එකිනෙකට වියාපන්…
අවජාත හිවල් පුත් රැල අමුවෙ මරාපන්…
නව රටක් ජාතියක් මහ දැයක් වදාපන්…