ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

කොඳ මලක ජීවිතය

කොඳ මලක ජීවිතය

අයේෂිකා ගුණතිලක
2022-December

ඊයේ රැ මැදියමේ කොඳ මලක් වැලපුණා
අද උදේ පිණි ලෙසින් ඒ කඳුළු දිලිසුණා
සුන්දරයි කිවූ මුත් ඒ දුටුව බෝහෝ දෙනා
දන්නේ මම විතරමයි එහි රැඳුනු දුක් කථා

යනවා නම් දුක් කඳුළු පිණි වගේ ලිස්සලා
මාත් ඉන්නම් හංගාන මල වගේ හිනැහිලා
හිරු දැකපු පිණි වගේ යනවා නම් මියැදිලා
දුක කියන පාඩමද පෙති අතර හැංගිලා