ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

නව වසරට සුබ පැතුමක්

නව වසරට සුබ පැතුමක්

අමිතා පද්මකුමාරි
2024-January

ගෙවී ගොස් තව වසක්
එබී බලයි නව වසක්
පැතුම් මල් දහසක්
ගොඩනැඟී යළි වරක්

සැම නෙතක කඳුළක්
සැම සිතක සුසුමක්
දුක් කරදර ගොඩක්
මැද පැමිණි වසරක්

නැඟේවා මුවඟ සිනහවක්
නිමේවා තැවුල් දුක්
ලැබේවා සිතට සවියක්
නොවේවා කිසිදු විපතක්