ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

කෙස් ගස

කෙස් ගස

ආචාර්ය රම්‍යා අත්තනායක - මහනුවර
2022-November

මුදා හළ දිගු වරළ
දුටු දිනේ සිත බැඳුනෙ
මල් කළඹ අතට දී
සිරස සරසා මලින්
කැන්ද ගෙන ආව මං
මනමාලි කර ගෙන.
ටික දොහක් යන කොට
බැඳල දුන් බත් පතේ
තිබුණ දිග කෙස් ගසක්
ඇය ගැන සිතට මගෙ
තරහකුත් ආවා
සිත බැන්ද මනලෝල
කෙස් කළඹ සිහි උනා….!