ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

සෙයිලමට ගිය නාට්‍යාංගනාව

සෙයිලමට ගිය නාට්‍යාංගනාව

ආචාර්ය ඥානතිලක හේවාගමගේ - සිඩ්නි , ඕස්ට්‍රේලියාව
2022-January

එල්ලල තිබෙන දිලිසෙන කැරැකෙන ……..ගෙත්තම්

දැන් මගෙ කනට බෙල්ලට හුරු …………..ආයිත්තම්

ඇන්දෙන නැටෙන ඇඳුමෙත් ඇත හැඩ …..බොත්තම්

ඇත්තට බොඳවෙලා ගම රට ගැන ………….සිත්තම්

හිස් අහසට යොමා හුල්ලන විටදි ………………උදේ

රැස් දුටුවාට ඉගිලෙන කණ කොක්ගෙ ………..සුදේ

විස්තර කරල කිව්වම මිළ නටන ………………පදේ

ඇස් දෙක කැමති විදුලි බුබුළු කරන …………..වදේ

වත හිනැහුනත් ඇතුළත හිස් තැනක් ………….වගේ

ගත රැඳි පොත්ත අනුවත් කෙලෙසනව ……….රඟේ

හිත ළඟ සිටි අයත් ඇස නොදකිනව ………….මගේ

ලත වෙන්නට කියා කිසිවක් ඇත්ද …………….අගේ

වැටෙනා විටදි හද අනුකම්පාව ………………..ගෙනා

වටිනා වචන ගැන කියනුයෙ කෙලෙස ………….වනා

නැගෙනා කලට වෙව්ලන පා පෙරට …………….වනා

සුදනා කඩුව වුව කැපෙනව දෙපස ……………..මනා

අගතිය රැව්ව සිට වයසෙදි ……………….කිරිකෝඩූ

නඩුපොත වුණත් දැක්කේ අපෙ අඩු ……………..පාඩූ

වචනය හැලුව නම් කරනවමයි …………………..කූඩූ

හිනැහෙනු හොඳයි කවදාවත් ලෙස ………………නෑඬූ