ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

නව වසරට ආසිරි ……හෂාන් සම්පත් සමනලවත්ත

නව වසරට ආසිරි ……හෂාන් සම්පත් සමනලවත්ත

සමන් අතාවුදහෙට්ටි
2024-January

පැල් කොටයේ ලිප ගිණි යහමින් දැල්වීලා
මල් වන් දරුවන්ගේ මුව සිනා පිරීලා
කල් වේලාවට අව් වැසි නිබඳ ලැබීලා
සිල් ගත් පුරවරකට සිරි වෙනු පිරි වැඩිලා

ඇස් වල හිත් වල වැගිරුණු දුක් කඳුලැල් බිංඳූ
සැනින් ඉගිල හැම මුවකම සතුටු සිනා රැන්ඳූ
නව වසරේ සිව් කොන රැව් දී ජය දධ බැන්ඳූ
නිතිනි ඇසේවා සැමටම සාමයෙ ගී සිංඳු

වටහාගෙන සසර සරන භව මඟ ගැන අතිර
දුක් දොම්නස නසා ලැබිය යුතුයි සුවය සතිර
සාමය සමඟිය දස අත හැම හිතකම පැතිර
නව වසරම සුභ වේවා කිරි පැනියෙන් ඉතිර

හෂාන් සම්පත් සමනලවත්ත