ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

අනිත්‍යය දැකගතිමි

අනිත්‍යය දැකගතිමි

නාලක ගම්මැද්දේගෙදර
2024-January

තප්පරයෙන් අංශුමාත්‍රයක් බඳු ජිවිතය
කප්පරක් සේ දැනෙන්නට
ඇලෙමින් ඇලෙමින් ඇලෙන්නට
විඳිමින් විඳිමින් විඳින්නට
සොයමින් සොයමින් සොයන්නට

ආලයේ පැටලෙන්නට
රාගයේ වෙලෙන්නට
කූඩු තනන්නට
පැටවුන් වදන්නට
උස්පුටු හින මත උන් උඩ තියන්නට
පැටවු කරකාර දෙන්නට
වුන්ගේ ගැටලු විසදන්නට
වෙහෙස වන්නට
පැටවුන්ගේ පැටවු හදන්නට
වහෙස වන්නට
ගිලන් වන්නට
හැරි බලන කල ජිවිතය
අධ්‍යාත්මය සිහි වන් විට
කාලය ඉවර බැව් සිහිවු විට
කාලයක් තිබේද අපට
අධ්‍යාත්මය සොයන්නට

මරන මංජකය සිහි වේ හෙට
දරුමුනුබුරන් වටවේ ඇඳවට
ඇරබිය කසු කුසුව රෑ ජාමෙට
උරුමයෙන් ගෙදර මල්ලිට
මහකුඹුර අපිට
නංගිට උගන්වපු ටිකම ඇතිය
කටු කුටුව ඇසෙයි හෙමි හෙමිහිට

කහ සිව්ර පෙනිනි ජායාවට
බොඳවිනි දෙනෙත් තැඹිලි පාටට
පාවිනි අහස් තලයට
පෙනිනි සනුහරයම කුරුලෙකු විලසින

දැල්විය පහන නිසොල්මන් මාලග
පිරවිය තෙල් අඩුවෙන අඩුවෙන ගානට
දින හත ගෙවිනි සනුහරයම මැද
වැලෙලිනි අඩි හතක් පොලව යටටම
දැල්විනි පහන් මා පපු තලය මත
නැවතිනි මොහොතක් මා එය මත
දැල්වී නිමෙන පහන් දෙස බලමින
අනිත්‍යය දැකගතිමි මා ගන්දබ්බ මනසින