ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

නන්දක්කා……….

නන්දක්කා……….

ලාල් හෑගොඩ  
2023-December

සෞම්‍ය සොඳුරු
වානේ ගැහැණිය ගැන
කවියක් බඳින්නට
නැත කවිකම් මා සතු

තැවෙමින්
ඉබාගාතේ ඇවිද යමි

කඳුමුදුනට වන් කළ
හාත්පස වසාගත්
ඝන නීල තිරයකි
හැකි උච්ච ස්වරයෙන්
‘නන්දක්කා’ යයි ගයමි.

ඒ හඬ නැවත පැමිණේ
දෝංකාරයට ලොල් වී
නැවත නැවතත් ගයමි

නිල් අහස යට කර
වලා එකිනෙක මෝදු වෙයි
කැටි ගැසෙයි
අඳුරු වෙයි
අහස සතුටින් හඬයි.

– ඡායාරූපය – ලාල් හෑගොඩ