ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ඒකපාර්ශික

ඒකපාර්ශික

ශානිකා ශෂීප්‍රියා ද සිල්වා
2024-February

සඳක් වගේ පායා හිනැහෙමින් එබී
පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී
ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී
අදත් ලියනවා මේ ප්‍රේමයට කවී

යන්තං ගැටෙද්දි යන එන මගදි ඇසේ
වත්තං කරපු සෙනහස මදහසින් හැලේ
තෙත අඩි තියා ඇවිදිනකොට හිතම වටේ
කඳුළක් වෙලා ප්‍රේමය නෙත් අගින් වැටේ

මලක් වුනත් අන්සතු උයනක සුපිපී
රසක් තිබේ නොකියූ ප්‍රේමෙක සිරවී
පවනක් වෙලා ඔබෙ කෙහෙරැල්ලකට ඇලී
සසරක් වුනත් දුර යන්නට එයම ඇතී