ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

දෙමු දැඩි පහර කවි පෙරලා අවියකට

දෙමු දැඩි පහර කවි පෙරලා අවියකට

ලකී ගනේවත්ත - පැරීසිය
2024-January

හෙලයේ කවිය සහ හෙලකම රකින්නට
වෙහෙසෙන අයට දුක්පීඩා නොවන්නට
ලන්ඩන් කවිපොතෙහි කවි කිවිදියන්හට
පතනෙමි නව වසර සතුටෙන් හිදින්නට

සුභ පැතුමන් පුදා සුභ නව වසරකට
නෙත සිත යොමු කරමු මව්බිම වැසියනට
උන් පෙලනා නරුම දෙස්පාලකයනට
දෙමු දැඩි පහර කවි පෙරලා අවියකට

එදවස සින්හලේ නම පරසිදු රටට
සිදුවන විපත දැක දැක නිහඩව නොසිට
සුන්දර හෙටක් බිහිකෙරුමට සිරිලකට
අපි පෙල ගැසෙමු සමගිව නව වසරෙ සිට

මව්පිය දෙපල සේ මව්බිම පන සරිය
මව්බිම නොරැකි නම් ප්‍රතිඵල අමිහිරිය
රට දැය රකින අයහට වඩමින් විරිය
ලන්ඩන් කවි පොතෙන් අපි ගෙනදෙමු දිරිය

බටහිර යුරෝපය හා ඇමෙරිකාවට
මුදලට යටවෙලා පාවා දෙමින් රට
කටයුතු කරන අය ලග කොදු කෙලින් කොට
හිටගමු සැවොම එලබුනු නව වසරෙ සිට