ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

දුක නවතමු

දුක නවතමු

පනාමුරේ තපස්සී හිමි - ලන්ඩනය
2021-November

අකමැති වන නිසා සැම කෙනෙකුම දුකට
නිතරම වෙහෙස වෙයි ළංවෙන්නට සැපට
කෙතරම් වෙහෙසුනත් දුක උරුමයි අපට
නිසි සැපයක් නොවේ අම නිවනින් මෙපිට

නෙක වෙර දරා උපයාගත් දෙය අතට
අතහැර දමා යන්නට වෙයි අප සැමට
අරගෙන යන්නෙ මෙතනින් යන විට එවිට
ගත් දෙය පමණමයි ඔබ අපි සැම සිතට

රැස් කළ ධනය පමණක් නොව අප සැමට
සෙනෙහස පපා ආදර බස් කී සුමට
මව්පිය සහෝදර දූ දරු සිටි එකට
කිසිවෙක් නොඑයි අප සමඟින් පරලොවට

සිහි නුවණින් බලන අයකුට නිසි ලෙසට
වැටහෙන මේ සැබෑ තතු අරගෙන සිතට
සැම මොහොතකම සිත යොමු කරමින් පිනට
දවසින් දවස ළං වෙමු නිවනේ සැපට