ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ඉකිබිඳින පොත්

ඉකිබිඳින පොත්

ප්‍රදීපා ධර්මදාස
2021-January

රටේම දරුවන් එක පොකුරට
වැට බඳිමින් කොරෝනාවට
පොතයි පෑනයි ගෙන අතට
ලොවටම පෙන්නුවා අභියෝගයන්ට
කරන හැටි ආදරය
ලියමින් රටක් වටින පොතක්…

සිහිනයක් තිබුණා දරු පැටවුන්ට
පොතක තම නම රැඳෙන්නට
නමුදු
මුතුකැට අකුරින් රචිත පොත් පෙළ
ඉකිබිඳියි අද පොත්ගුලක කෙළවරක…

“රටක් වටින පොතක්” සිහිනයක් …
තිළිණ සහතිකපත් හිමි නොවූ සිහිනයක් …

ඇගයුමක් පතන පුංචි ඇස්
මඟබලයි දින දින
පන්හිඳේ දස්කමට
හිමි වූ තිළිණ ලැබෙන තුරුම….